මුදල් අමාත්‍යාංශය නිකුත් කර ඇති නවතම වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව, රජය සතු ව්‍යවසාය 53ක් අතුරින් ආයතන 13ක් වසරේ මුල් මාස හය තුළ අලාභ වාර්තා කර ඇත. කෙසේ වෙතත්, ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර 51ක් උපයා ඇති සමස්ත ලාභය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ පැවති රුපියල් බිලියන 227.8 ට සාපේක්ෂව 2026 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 259.3 දක්වා වර්ධනය වී තිබේ.
අලාභ වාර්තා කළ ආයතන අතරින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2026/27 මූල්‍ය වර්ෂයේ මුල් මාස තුන තුළ රුපියල් බිලියන 35.6 ක බදු පෙර අලාභයක් වාර්තා කර ඇත. ගුවන් යානා ඉන්ධන පිරිවැය 93%කින් ඉහළ යාම සහ මැදපෙරදිග කලාපයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය හමුවේ ගුවන් ගමන් බාධා වීම වියදම් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. 2026 ජූනි මස අවසානය වන විට එම සමාගමේ මුළු වගකීම් රුපියල් බිලියන 561.4ක් වූ අතර ඍණ හිමිකම් ප්රාග්ධනය රුපියල් බිලියන 351.5ක් ලෙස සටහන් විය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අමතරව තවත් රාජ්‍ය ආයතන 12ක් අලාභ වාර්තා කර ඇති අතර, ඒ අතරින් වැඩිම ශුද්ධ අලාභය වන රුපියල් මිලියන 1,525 ක මුදල වාර්තා කර ඇත්තේ සීමාසහිත ලංකා සීනි සමාගමයි. ඊට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 471ක්, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව රුපියල් මිලියන 193ක්, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් මිලියන 185ක් සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රුපියල් මිලියන 182ක අලාභයක් ලබන බව මුදල් අමාත්‍යාංශ වාර්තාව පෙන්වා දෙයි.




