”ජාතික වශයෙන් බැලුවොත් අපිට මූලික කටයුතු දෙකක් තියෙනවා. අපේ රට කඩා වැටීමට බලපාපු හේතු දෙකක් තියෙනවා. අපි ඒ දෙක කොහොමහරි හදා ගත යුතුයි. ඒ මූලික කාරණා දෙක තමයි දේශපාලනය සහ රාජ්‍ය සේවය…”

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත තම අදහස් මෙසේ පළ කරන ලද්දේ ප්‍රධානත්වයෙන් පැවති මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම සුළුවාරිමාර්ග සත්ව නිෂ්පාදන හා සංවර්ධන ගොවිජන සංවර්ධන මිරිදිය ධීවර පරිසර කටයුතු හින්දු සංස්කෘතික සහ වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පසුගිය වසරේ ප්‍රගතිය සහ මෙම වසරේ ඉදිරි වැඩසටහන් පිළිබඳ පැවැත් වූ සාකච්ඡාවේදීය.

අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලද්දේ, වසරකට වෙන්වන මුදල් ප්‍රතිඵලදායී ලෙස යොදාගැනීම අභියෝගයක් බවත්, මුදල් නිසි ලෙස බෙදාගත් විට ආර්ථික වර්ධනයක් සිදු වන බවත්ය.

එසේම රාජ්‍ය සේවයේ පුරප්පාඩු ගැටළුව, නිල නිවාස හිඟය සහ නිලධාරීන් බඳවා ගැනීමේ අපහසුතා පිළිබඳවද අදහස් පළ ඔහු “යාය 500” වැඩසටහන ක්‍රියාත්මක නොවූ බවත්, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ යෙදෙන්නන් තමන්ගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට ඇති කැපවීම මදි බවද ඔහු සඳහන් කරන ලදී.