වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඉරට්ටපෙරියකුලම් ග්‍රාම නිලධාරී වසමෙහි ජනතා බදු මුදලින් ඉදිකරන ලද සේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම අද (10) දින අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ රුපියල් මිලියන 15 ක වියදමින් ඉදිකරන ලද මෙහි යාපනය – කොළඹ මාර්ගයේ ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ට හා රියදුරන් හට ගිමන් නිවා ගැනීම සඳහා සියළු පහසුකම් සහිතව සැලසුම්කර ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභීන් 14 දෙනෙකු සවිබලගැන්වීමට අපේක්ෂිත අතර වක්‍ර ප්‍රතිලාභීන් 30 දෙනෙකුට පමණ ආදායම් අවස්ථා හිමිවේ.

ප්‍රනීත ආහාර පාන, විවිධ නිෂ්පාදන, විසිතුරු භාන්ඩ ඇතුලත් වෙළඳ කුටි, සනීපාරක්ෂක සේවා, උතුරු පළාතට ආවේනික විවිධ වූ නිෂ්පාදනයන් මිලදී ගැනීමටත්, දෙස් විදෙස් සංචාරකයන් හා රියදුරන් ඇතුළු යාපනය කොළඹ මාර්ගයේ ගමන් ගන්නා විශාල පිරිසක් සඳහා වෙහෙස මහන්සිය නිවා ගැනීම වෙනුවෙන් සේවා රැසක් මෙම මධ්‍යස්ථනය මඟින් සපයනු ලැබේ.