අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ.
මෙරට පවුල්වලින් 83% ක් යාචක මානසිකත්වයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පවසනවා.
ඒ අනුව, 2024 දී සිදු කළ, ජන හා නිවාස සංගණනයට අනුව මෙරට සිටින පවුල් ලක්ෂ 52 ක් අතරින් පවුල් ලක්ෂ 43 ක්ම ‘අස්වැසුම’ සඳහා අයදුම් කර ඇති බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
ඔවුන් අතරින් බොහෝ පිරිසක් අවශ්‍යතාවය අනුව අයදුම් කර නොමැති බව සහ ඔවුන් ‘ආධාර ලබාගත යුතු’ බවට වන මානසිකත්වයකින් පෙළෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.
ආර්ථික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් ද මෙරට ජනතාව දිළිඳු බවයි අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.






