2026 ජනවාරි 17 (ඊයේ) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන් ඊයේ (17) පෙරවරුවේ මහනුවර මල්වතු මහා විහාරයේ දී මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත්හ.
නාහිමිවරුන් බැහැදුටු අමාත්‍යවරු මහනාහිමියන්ගේ සුවදුක් විමසීමත් ඉන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන සැලසුම්ගත වැඩපිළිවෙල, විශේෂයෙන් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පිහිටුවීමේ ව්‍යාපෘතිය පිළිබඳව අමාත්‍යවරයා විසින් හිමිවරුන් දැනුවත් කරන ලදි.
පසුගිය වසරේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භකළ පළමු “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” පහ වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය හා එම මධ්‍යස්ථාන තුළින් ග්‍රාමීය ජනතාවට ලැබෙන සේවාවන් පිළිබඳව උන්වහන්සේ දැනුවත් කරනු ලැබීය.
ඒ හැර ලබන 24 දින ව්‍යාපෘතියේ දෙවන පියවර ආරම්භ කරනු ලබන බවත්, මෙම වසර තුළදී “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” 250ක් හා ඉදිරි වසර දෙක තුලදී ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දීපව්‍යාප්තව ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව ද නාහිමිපාණන් හමුවේ පැවසීය.






