රඹෑව ප්‍රදේශයේදී ඊයේ (10) සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අනුරාධපුර ශික්ෂණ රෝහලේදී තාවකාලිකව නතර වී තිබේ.
මෘත ශරීරාගාරයේ ජල සැපයුම අඩාල වීම මෙම ප්‍රමාදයට ප්‍රධාන හේතුව වී ඇති බව වාර්තා වේ.
රෝහලේ ජල නළ පද්ධතියේ හදිසියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, එම දෝෂය කඩිනමින් යථා තත්ත්වයට පත් කර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසා තිබේ.
