රජයේ මාධ්‍ය සාකච්ඡාවකදී ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා ප්‍රකාශ කරන ලද්දේ, මුතුරාජවෙල තෙල් පර්න්තයේ තැන්කියක ගබඩා කර තිබූ පෙට්‍රෝල් සම්බන්ධයෙන් අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් ගෙන ආ චෝදනාව අසත්‍ය බවයි.
අමාත්‍යවරයා කියා සිටියේ, වසරකට පැරණි පෙට්‍රෝල් මෙට්‍රික් ටොන් 10,500ක් ගබඩා කර තිබීමෙන් රටට කෝටි 20කට වැඩි පාඩුවක් සිදු වූ බවයි.
එයට පිළිතුරු ලෙස සභාපතිවරයා ප්‍රකාශ කරන ලද්දේ එම තෙල් ගබඩා කිරීම සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලියක් වන අතර, එය නියමිත පරීක්ෂණ සහ ලැබ් විශ්ලේෂණ මගින් පරීක්ෂා කර නිකුත් කරන බවයි.
මෙය විශාල විනාශයක් නොව, සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලියක් බවත් ඇතැම් විට අභ්‍යන්තරයෙන් වැරදි තොරතුරු ලබාදී ජනතාව අතර ගැටලු ඇති කරන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>





