අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ තබා තිබූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.
ඔහු අද (06) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් වී ඇති බව වාර්තා වේ.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී, තම නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි ගණනක වත්කම්, වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාමක් සිදු කිරීමෙන් අල්ලස් හා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් මර්වින් සිල්වාට අධි චෝදනා ලබාදී තිබුණි.
මෙම චෝදනා වලට අදාලව විත්තිකරුට ඇප ලබා දීමට අධිකරණය නියෝග කළ බවද වැඩිදුරටත් සඳහන් වේ.
