මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සමස්ත අලාභය රුපියල් කෝටි 7,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි. මෙම මූල්‍ය අලාභය වාර්ෂිකව අඛණ්ඩව වර්ධනය වීම හේතුවෙන්, එහි මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව පියවර ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව, ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු, දත්ත මධ්‍යස්ථාන, ආහාර භෝජනාගාර සේවා සහ ගුවන් යානා සේවා ජාත්‍යන්තර සමාගම් සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය අභිලාෂ කැඳවා අවසන් කර ඇත. මේ වන විට තෝරාගත් ආයෝජකයන් සහ සමාගම් 17ක් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීමේ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.
වරාය, නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය සඳහා සුදුසුම ආයෝජකයන් ලබන වසරේදී නිල වශයෙන් තෝරා ගැනීමට අපේක්ෂා කරන බවයි. පසුගිය 2013 වසරේදී ඩොලර් කෝටි 19ක දැවැන්ත පිරිවැයක් දරමින් ඉදිකරන ලද මෙම ගුවන්තොටුපළ මේ වන විට මෙලෙස දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව තිබේ.




