අද (17) දින පැවැති රජයේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරන ලද්දේ, බලශක්ති අමාත්‍යවරයා කිසිදු වංචාවකට, දූෂණයකට හෝ නාස්තියකට සම්බන්ධ වී නැති බවයි.

ඇමතිවරයා අවධාරණය කළේ, මේ පිළිබඳව සම්පූර්ණයෙන්ම අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇති බවත්, එය ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ මහාධිකරණයේ සේවය කරන විනිසුරු තුන් දෙනාගේ මගපෙන්වීම යටතේ සිදු කරන බවත්ය.

මෙම පරීක්ෂණය මාස හයක් ඇතුළත අවසන් කර ජනතාවට සාධාරණ වාර්තාවක් ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා තවදුරටත් පැවසූයේ, පරීක්ෂණය අවසන් වනතෙක් සභාපතිවරයා සහ ලේකම්වරයා තමන්ගේ වගකීම් නොදරන බවත්, ජනතාවට නිවැරදිව සහ විනිවිධ පෙරන ආකාරයෙන් සත්‍යය ඉදිරිපත් කිරීමට රජය සූදානම් බවත්ය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>