දකුණු අප්‍රිකාව සමඟ සෙන්චූරියන්හිදී පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරු මුෂ්ෆිකර් රහිම්ට සහ වේගපන්දු යවන ක්‍රීඩක හසන් මහමුද්ට අහිමි වී තිබේ.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේදී ඉඟටිය ප්‍රදේශයේ ඇති වූ ආබාධ තත්ත්වය තවමත් සුව නොවීම හේතුවෙන් මුෂ්ෆිකර් රහිම්ට මෙම තරගයට සහභාගි වීමට නොහැකි වී ඇත.

එමෙන්ම, වැලමිට ප්‍රදේශයේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක හසන් මහමුද්ටද සෙන්චූරියන් ටෙස්ට් තරගය අහිමි වන බව සඳහන් වේ.

මේ අතර, මුෂ්ෆිකර් රහිම් වෙනුවට මොහොමඩ් නයිම් හෝ ජකර් අලි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇතැයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.