මේ වන විට වෙළදපොලේ පොල්තෙල් මිල ඉහළ ගොස් ඇත්තේ පොල් සංවර්ධන සභාපතිවරයාගේ ක්‍රියා කලාපය නිසා බවට චෝදනා එල්ල වී තිබේ.
වෙළඳ පොලේ පොල් තෙල් ආශ්‍රිතව යම් මාෆියාවක් ක්‍රියාත්මක වේ.
සභාපති වරයාගේ අකාර්ශම පාලනය සහ යම් යම් පාර්ශ්‍රවයන්ට අනියමින් වාසි ලැබෙන සේ කටයුතු කිරීම නිසා මේ තත්වය ඇතී වී තිබෙන බව පොල් ආශ්‍රිත කර්මාන්තයේ නියෙලෙන පිරිස් පවසයි.

පසුගියදා අමාත්‍යවරයා විසින් පොල් කර්මාන්තයේ නියෙලෙන ව්‍යසායකයන් හා පැවැති හමුවකදි ⁣පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට මේ චෝදනා එල්ලවී තිබේ.
එහිදී අමාත්‍යවරයා සබාපතිට දැඩි දෝශාරෝපනය කර ඇති බවට වාර්තා වේ.
පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්වීමට පෙර ඔහු පොල්තෙල් කර්මාන්තයේ යෙදී සිටි කෙනෙකි.
ඔහු මේ වන විට සදලංකාව සමූපකාර ⁣පොල්තෙල් මෝල තම පාලනය යටතට ගෙන ඇත. එමෙන්ම පොල් ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් සදහා තම බලය යොදා බලපත්‍රයක්ද ලබා ගෙන ඇත. ⁣