පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට (LAUGFS Gas PLC) එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුව ලබන දෙසැම්බර් 15 වැනිදා යළි කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය අද (11) නියෝග කළාය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 86 වැනි විධානය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.
අධිකරණය මඟින් නිකුත් කරන ලද සිතාසියට අනුව ලාෆ් ගෑස් සමාගමේ නිලධාරීන් අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර, පාරිභෝගික අධිකාරිය සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය බැවින් ඉදිරි දිනයක් ලබාදෙන ලෙස එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
එම ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය නඩුව නැවත කැඳවීම සඳහා දෙසැම්බර් 15 වැනිදා දින නියම කළාය.
