සැප්තැම්බර් 24 වැනිදා දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, 25 වැනිදා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වන රෙගුලාසි අනුමත කර ගැනීමට විවාදයක් පැවැත්වීමටද නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මීළඟ පාර්ලිමේන්තු සභාවාරය සැප්තැම්බර් 23 වැනිදා සිට 26 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, සැප්තැම්බර් 23 වැනිදා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.