ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිට ලබා ගත් ශ්‍රී ලංකාවේ ඡායාරූපයක් නාසා ගගනගාමී ආචාර්ය අනිල් මෙනන් සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.
පෘථිවියේ සිට කිලෝමීටර් 400ක් පමණ ඉහළින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ලබා ගත් මෙම ඡායාරූපයේ ඉන්දියන් සාගරයෙන් වට වූ ශ්‍රී ලංකාව, දිවයිනට ඉහළින් පැතිර ඇති වලාකුළු මෙන්ම දකුණු ඉන්දියාවේ කෙළවරද පැහැදිලිව දිස්වන බව සඳහන් වේ.
වෛද්‍ය විශේෂඥයකු මෙන්ම අමෙරිකානු අභ්‍යවකාශ බලකායේ කර්නල්වරයකුද වන ආචාර්ය අනිල් මෙනන්, 2026 ජූලි මාසයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රාජකාරිවල නිරතව සිටී. අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව ඇතුළු පර්යේෂණ සඳහා ක්‍රියාත්මක මාස අටක මෙහෙයුමක කොටසක් ලෙස ඔහු එම මෙහෙයුමට එක්ව සිටින බව වාර්තා වේ.


