2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත 2027 ශ්‍රී ලංකා එක්ස්පෝ ප්‍රදර්ශනයට ටාටාස්තාන ව්‍යාපාරික නියෝජිත පිරිසක් සහභාගි කරවීමට පහසුකම් සැලසීම සඳහා දෙපාර්ශ්වය එකඟ වී ඇති බව වාර්තා වේ.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනී ගුණසේකර සහ රුසියානු සමූහාණ්ඩුවට අයත් ටාටාස්තාන ජනරජයේ ප්‍රධානී රුස්තාම් මින්නිකානොව් අතර කසාන් නගරයේ පැවැති හමුවකදී මෙම එකඟතාව ඇති වී ඇත.

එම සාකච්ඡාවේදී වාහන නිෂ්පාදනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, බලශක්තිය, පොහොර, ආයෝජන සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව අවධානය යොමු වී තිබේ.

එමෙන්ම, ටාටාස්තාන තාක්ෂණ සමාගම් සහ ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාර අතර හවුල්කාරිත්ව ඇති කිරීමේ අවස්ථා පිළිබඳවද එම හමුවේදී සාකච්ඡා වූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.