නකල්ස් සිදුවීමට අදාළ වයස අවුරුදු 15ක දැරියගේ සහ බිළිඳියගේ සුබසාධනය හා අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම සඳහා මාසික ජීවන වියදම් දීමනාවක් ලබාදීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘අර්ථ’ වැඩසටහන යටතේ මෙම දීමනාව ලබාදීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම දැරිය මේ වන විට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කර ඇති අතර, විභාගයට සූදානම් වීම සඳහා අවශ්‍ය මනෝ සමාජයීය උපදේශන සහාය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා ලබාදීමට අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය උපදෙස් ලබා දී ඇත. දැරියගේ අනිවාර්ය අධ්‍යාපන වයස අවසන් වනතුරු හෝ ඇයගේ කැමැත්ත පරිදි උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනයට යොමුවන තුරු මෙම දීමනාව අඛණ්ඩව ලබාදීමට සැලසුම් කර තිබේ.
එමෙන්ම කුඩා බිළිඳියගේ පෝෂණ හා අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන්ද මෙම ‘අර්ථ’ දීමනාව ලබාදීමට පියවර ගෙන ඇත. ආයතනික රැකවරණය හෝ ආරක්ෂිත භාරකාරත්වය යටතේ සිටින දරුවන් සහ වීදි දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම ‘අර්ථ’ වැඩසටහන 2025 වසරේ සිට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.



