අමාත්‍ය ප්‍රසන්න ගුණසේන.
ඊයේ හවස දෛනිකව ධාවනය වෙන දුම්රිය 216 න් 38ක්ම අවලංගු වෙලා තියෙනවා. සතියේ මුල සඳුදා සහ සිකුරාදා හවස දුම්රිය පාවිච්චි කරන මගීන් ප්‍රමාණය ඉතාම බහුලයි. එතකොට දුම්රිය කැනසල් වෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. මේ අවලංගු වෙච්ච දුම්රිය 38 ගත්තහම මේවායින් 35ක්ම අවලංගු වෙලා තියෙන්නේ රියදුරුවෝ වැඩට නොපැමිණීම කියන එක් විශේෂ කාරණයක් නිසා. මේක ඇත්තටම වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක් නිසා වුන දෙයක් නෙවෙයි. රියදුරු කුඩා කණ්ඩායමකගේ අත්තනෝමතික ක්‍රියා පටිපටියක් නිසා වුන දෙයක්. පැහැදිලිවම මේක පිටිපස්සේ තියන්නේ දේශපාලනය. ඒක නිසා නිවාඩු දාපු හැම රියදුරෙක්ගෙන්ම නිදහසට කාරණා අවශ්‍යයි. අසනීප නිවාඩු ගත් අයගේත් හේතුව අවශ්‍යයයි. දෙකයි පනහේ දේශපාලන අතකොළුවන් වුන දුම්රිය රියදුරන්ගේ ක්‍රියාකලාපයන් නිසා මගීන්ට වන අපහසුතාවයන් නිවැරදි විය යුතුයි. ඒ වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගත යුතු තිරණ ගන්නවා.
වැඩිදුර විස්තර සඳහා>>>>>>>