මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” අද (06) දින නිල වශයෙන් දියත් කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, රාජ්‍ය සහනාධාර ප්‍රතිපත්ති, දත්ත පද්ධති, සහ ඩිජිටල් ගනුදෙනු පිළිබඳව විශේෂයෙන් අවධාරණය කළේය.

ඔහු අවධාරණය කළේ, විශාල වාහන සඳහා සහනාධාරය අධික වීමෙන් සාමාන්‍ය ජනතාවට අඩු ප්‍රතිලාභ ලැබෙන බවත්, එය නවීකරණය කිරීමට ඩිජිටල් ගනුදෙනු මගින් ජනතාවගේ ආර්ථික මට්ටම සහ පරිභෝජන රටාවන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගත හැකි බවත්ය.

ඉදිරියට, QR ගෙවීම් පද්ධතිය මගින් ගනුදෙනු විනිවිධභාවයෙන්, කාර්යක්ෂමව සහ ආරක්ෂිතව සිදුකරමින්, සහනාධාර සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

අවසන් වශයෙන්, ඔහු අවධාරණය කරන ලද්දේ, ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනගා ගැනීම රටේ ඉලක්කය බවත්, එය කුඩා හා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාරවලටද විශාල බලපෑමක් ඇති කරමින්, ආර්ථිකය විධිමත් මට්ටමකට ගෙන යන බවත්ය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>