ජනපති අනුර කුමාර දිසානායක.
මේ කන්කසන්තුරෙත් හදලා තියෙනවා නේද ජනාධිපති මන්දිරයක්. මෙහෙට ජනාධිපති මන්දිරයක් ඕනද? මට නම් එපා. ඕගොල්ලන්ට ඕනද? මට එපා. අපි අද දිසාපතිතුමාටත් ආණ්ඩුකාරතුමාටත් කිව්වා ඒකට ගැලපෙන ව්‍යාපෘතියක් හොයලා දෙන්න අපි ඒකට ජනාධිපති මන්දිරය දෙන්නම් කියලා. ඒකේ විශ්ව විද්‍යාලයක් දාන්න හොඳයි නම්, සංස්කෘතික මධ්‍යස්ථානයක් දාන්න ඕනේ නම් ඒක කරමු. මෙහෙ විතරක් නෙමෙයි. නුවරඑළිය, අනුරාධපුරේ, මහියංගනේ, කතරගම හැමතැනම තියන ඒවාට අපි ඒක කරනවා. ඇයි ඒ? මහජනයාගේ ධනය නායකයෝ මෙච්චර වියදම් කරන්න හොඳ නැහැ. අපි දුප්පත් රටක්. ජනතාවත් දුප්පත්. නායකයා දස අවධාර. හොඳද? ඒ දේශපාලනය වෙනස් වෙන්න ඕනේ නැද්ද? අන්න ඒ දේශපාලනය අපි වෙනස් කරලා තියෙනවා. මේ දේශපාලනය තමයි අපේ රටට ඕන.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>