“ආගම පාවිච්චි කරලා ජාතිවාදය අවුස්සන මිනිස්සුන්ට, කිව්වෙ එහෙම කරන්න එපා කියල.
නැතිව කිසිම ජාතිවිරොධි ප්‍රකාශයක් ජනාධිපතිතුමා එතන කළේ නෑ.”මේ වසන්ත සමරසිංහ ඇමතිතුමා අද දින පාලිමේන්තුවෙදි සිදුකළ ප්‍රකාශයයි.

ඔහු මෙසේ සඳහන් කරන ලද්දේ ජනාධිපතිතුමා විසින් උතුරෙදි සිදු කරන ලද ප්‍රකාශය පිළිබදවයි. එහිදී ආගම් භාවිතා කොට ජාතිවාදය අවුස්සන්න උත්සාහ කරන පුද්ගලයන්ට එසේ නොකරන බව මිසක් ජනපති විසින් කිසිදු ආගම් විරෝධී ප්‍රකාශයක් සිදු නොකල බවත් ඔහු විසින් සඳහන් කරන ලදී.

”බුදුන්වහන්සේගෙ අපිට තියෙන ජීවමාන සලකුනු, ශ්‍රී මහා බෝධිය ඇතුලු අටමස්ථානය පහු කරලා සිල් ගන්න උතුරට යනවා කිව්වහම ඒක පිටිපස්සෙ තියෙන කාරණයක් තියෙනව කියලා කිව්වා. මේ උතුරේ ජනතාව එක්ක විවිධ ප්‍රශ්න හදන්න ආගම පාවිච්චි කරනවා කියලා එතුමා කිව්වෙ. ”
එසේ කියමින් වසන්ත සමරසිංහ ඇමතිතුමා ජනාධිපතිතුමා සිදුකළ කතාව ජාතිවාදී කතාවක් නොවන බව තහවුරු කළේය.

එම අවස්ථාව ඔබට අපගේ webnews youtube චැනලය ඔස්සේ දැන් නැරඹිය හැකිය.