සජිත් ප්‍රේමදාස.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, රටේ නීතිය, සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය ක්‍රියා කළ යුතු බවය.
වෙඩි තැබීම් සිදුවන විට රජය ජාතික ආරක්ෂාවට බාධාවක් නැතැයි පමණක් කියන බවත්, මිනීමරන සංස්කෘතිය නැවැත්වීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු කියයි.
මේ වනවිට රටේ ක්‍රියාත්මක වන්නේ කැලෑ නීතිය බවත්, ආණ්ඩුවක් ලෙස මෙරට ජනාධිපතිවරයා ප්‍රමුඛව තිබුණද කාර්ය සාධනයක් නොමැති බවත්, පොරොන්දු ඉටු නොකරන ආණ්ඩුවක් බවත් ඔහු අවධාරණය කළේය.
