අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට රජය විසින් සහන සැලසීමේ වැඩපිළිවෙළට සමගාමීව, ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 100 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, ගෝලීය බෝරා ප්‍රජාවේ නායක ශුද්ධෝත්තම “සෙයිද්නා මුෆද්දල් සයිෆුඩීන්” පියතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවේ සභාපති ඊබ්‍රහිම් සයිනි විසින් ඊට අදාළ චෙක්පත අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත පිළිගන්වනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියා.
විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ඉදිරියේදී තවදුරටත් සහාය ලබා දෙන බවට බෝරා ප්‍රජාවේ නියෝජිතයෝ මෙහිදී පැවසූ අතර, විපතට පත්වූවන් බේරා ගැනීමට සහ සහන සැලසීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරමින් ඒ වෙනුවෙන් කෘතඥතාවද පළ කළ ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.




