ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගිවීමට ඇමරිකාවට ගොස්, අද (24) ප.ව. 3.15 ට මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.
සංචාරය අතරතුර ඔහු එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා, විදෙස් නායකයින් හා ඇමරිකාවේ ශ්රී ලාංකිකයින් සමඟ හමුවීම් පැවැත්වීමටත් සැලසුම් කර ඇත.
ඊයේ (23) ජේ.එෆ්. කෙනඩි ගුවන්තොටුපළට ළඟා වූ ඔහුට ශ්රී ලංකා නියෝජිත ජයන්ත ජයසූරිය ඇතුළු පිරිස උණුසුම් පිළිගැනීමක් කළහ.






