ප්‍රාදේශීය හා නගර සභා මඟින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් පිළිබඳව ජනතාව දැන් හොඳ අවබෝධයක් සහ ඉහළ සහයෝගයක් දක්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ප්‍රකාශ කළේය.

සාකච්ඡා මගින් ජනතාවගේ අදහස් එකතු කරමින්, ප්‍රජාශක්ති වැඩසටහන යටතේ ගම සම්බන්ධ තීරණ සහ සංවර්ධන යෝජනා ගොඩනගන අතර, රජයෙන් එන ප්‍රතිපාදන ඒ මත ක්‍රියාත්මක වන බව එතුමා සඳහන් කරන ලදී.

මේ හරහා ජනතාවට තම ගම් සම්බන්ධ අවශ්‍යතා සෘජුවම ඉදිරිපත් කිරීමට හැකිවීම, වැඩසටහන් සාර්ථක කරගැනීමට මූලික හේතුවක් වී ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කරන ලදී.

එතුමා වැඩිදුරටත් සදහන් කරන ලද්දේ විපක්ෂය සෘජු සහයෝගය නොදක්වූවද නගර සභා සහ ප්‍රාදේශීය සභා සාකච්ඡා මට්ටමින් අදහස් දක්වමින් ඒ සඳහා සම්බන්ධ වන වගයි.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>