දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ධීවර සහ ගොවි ජනතාවට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ කාලසීමාව ජනවාරි 31 දක්වා දීර්ඝ කිරීමට එම මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව දෙසැම්බර් මස විශ්‍රාම වැටුප ජනවාරි 31 වන දින දක්වා වැඩ කරන දිනයන්හි අදාළ තැපැල්, උප තැපැල් කාර්යාල මඟින් ලබා ගැනීමට ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් ලාභීන්ට අවස්ථාව හිමිව ඇත.




