”ඔය වගේ ප්‍රශ්න කීයක් ඒගොල්ලො මතු කරාද? දැන් මොකක්ද වෙලා තියෙන්නේ? සතියක් දෙකක් මොකක් හරි ඒගොල්ලන්ගේ තියෙන වොයිස් කට් ටිකක් දීගෙන නැටුමක් නටනවා. ඊට පස්සේ ටික දවසක් වෙද්දි නටපු නැමකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ…..”
ගල් අඟුරු ගැටළුව පිළිබදව විපක්ෂයේ ක්‍රියාන්විතය සහ උත්සාහයන් පිළිබදව අමාත්‍ය එරංග ගුණසේකර තම අදහස් පළ කළේ එලෙසිනි.
ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට එකොළොස් ආයෝජකයන් ඉදිරිපත් වී, නීත්‍යානුකූලව හොඳම ආයෝජකයා තෝරාගෙන ඇති බවත් මෙහිදී මේ ක්‍රියාවලිය යටතේ වැරැද්දක් හෝ කොන්දේසි උල්ලංඝනයක් සිදු වූ විට වන්දි ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
එසේම කිසිසේත්ම ගල් අඟුරු මගින් සිදුවූ පාඩුව ජනතාව පිට පැටවීමක් සිදු නොකරන බව එතුමා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න >>>>>>>>





