මියගොස් මසක් පිරීම නිමිතිකොට ගනිමින් ‘කාවන්තිස්ස’ ඇතා වෙනුවෙන් විශේෂ අබ තෙල් පහන් පූජාවක් මහනුවර ගැටඹේ ඓතිහාසික දිය කැපුම් තොට විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වා තිබේ. “හෙළ හස්ති පරපුර සුරැකීමේ සංවිධානය” විසින් මෙම පුණ්‍ය කර්මය සංවිධානය කර ඇත.
කාවන්තිස්ස ඇතාට පිං අනුමෝදන් කිරීම මෙන්ම මෙරට වන අලි පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ බලධාරීන්ගේ නිසි අවධානය යොමු කරවා ගැනීම මෙම පූජාවේ ප්‍රධාන අරමුණු අතර වන බව හෙළ හස්ති පරපුර සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු තුෂාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.
මෙම අවස්ථාව සඳහා පරිසර හිතකාමී තරුණ, මහලු ඇතුළු විවිධ පාර්ශ්වයන් විශාල පිරිසක් හෙළ හස්ති පරපුර සංවිධානය සමඟ එක්ව සිටියහ.




