රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා අවට ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නොවැම්බර් 6 පස්වරු 4ට නිකුත් කළ කහ නිවේදනය නොවැම්බර් 7 පස්වරු 4 දක්වා වලංගුය.

අදාළ ප්‍රදේශවල තද බෑවුම්, කැපූ කණ්ඩි, මිටියාවත් සහ නායයෑම් අවදානම් සහිත මාර්ග ආශ්‍රිතව ජීවත් වන ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව නිවේදනයේ සඳහන්ය.

මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ ප්‍රදේශවලට ලැබුණු සමුච්චිත වර්ෂාපතනය සහ ඉදිරි කාලගුණ අනාවැකි සැලකිල්ලට ගනිමිනි.