පාඨලී චම්පික රණවක

ජාතික ආරක්ෂාව පිළිබඳ රාජ්‍යයට තර්ජනයක් නෑ. මහජන ආරක්ෂක ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි දේශපාලන දඩයම් වලින් ඒ මහජන ආරක්ෂක ප්‍රශ්නය විසඳන්න බෑ. දැන් තියෙන මහජන ආරක්ෂක ප්‍රශ්නය ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් බවට පත්වෙන්න පුළුවන් ඔය විදිහට වැඩ කරලා.

අවි ආයුධ විශාල ප්‍රමාණයක් අවුරුදු තිහක් තිස්සේ සැරිසරනවා. ජනතා විමුක්ති පෙරමුණ අවි ආයුධ පැහැර ගත්තා. ඒවා භාර දුන්නේ නෑ. LTTE සංවිධානයේ අවි ආයුධ තිබුණා. ඒවා භාර දීලා නෑ. ඒ ජනතා විමුක්ති පෙරමුණයි LTTE යයි මර්ධනය කරන්නත් අවි බෙදුවා. ඒවා භාර දීලත් නෑ. මේක ගැන ඊට වඩා විවෘතව හා සංවිදිතව කටයුතු කරන්නැතුව දේශපාලන දඩයම් කරමින්, දේශපාලන වාසි ලබා ගන්න කරුණු කටයුතු කිරීමෙන් මේ ප්‍රශ්නේ විසදෙන්නේ නෑ.

ආණ්ඩුවට එරෙහි කටකතාවලට පාඨලී දුන් පිළිතුර.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>