අගමැති හරිනි අමරසූරිය

මේවට අයවැය තුලින් අමාරු තත්වයක් යටතේ වසර ගණනාවකට පසු මුලික වැටුප් වැඩි කරන්නට මේ වසරේ හැකියාව ලිබි ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසනවා. ඇය මේ බව පවසා සිටියේ ගුරු විදුහල්පතිවරුන් අතර පැවැත්වූ රැස්වීමකට සහභාගී වෙමිනුයි.

“මේ වැටුප් වැඩිවීම තුළින් ඔබ සියලු දෙනාගේම සියලුම ප්‍රශ්න විසදෙන්නේ නැහැ. නමුත් අපි හිතනවා අපිට මේ අවස්ථාවේ කරන්න පුළුවන් සහ දෙන්න පුළුවන් හොඳම විසඳුමක් අපි දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වුණා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් රජයේ ශ්‍රේණි දහයෙන් ඉහළම තැනකට ගේන්න. එළියේ මොන කතාබහ තිබ්බත් අපිට මුදල් අමාත්‍යංශයෙන් සහ භාණ්ඩාගාරයෙන් දීලා තියෙන තොරතුරු අනුව අද විදුහල්පතිවරුන් හත් වෙනි තැනත්, ගුරුවරුන් අටවෙනි තැනත් ඉන්නවා කියන එක මම නැවත වතාවක් අවධාරණය කරනවා.”

අගමැති හරිනි අමරසූරිය ගුරු විදුහල්පතිවරුන් ඉදිරියේ සිදු කළ ප්‍රකාශ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>