අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

පහු ගිය කල වකවානුව තුල ලුණු හිඟ වීමට සහ ලුණු මිල ඉහල යාමට හේතුව ලෙස, අවශ්‍ය ලුණු තොග නිසි ආකාරව පවත්වාගෙන නොයාමත්, ලුණු ලේවයන් තිබෙද්දිත් හරි ආකාරව සංවර්ධනය කිරීමට පහු කාලවල අවධානය යොමු නොවීමත් ප්‍රධාන වශයෙන් හේතු වූ බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙයි.

“අපේ අමාත්යංශය හැටියට අපට තියෙන ප්‍රධාන අභියෝගයක් තමයි අපේ රටේ කර්මාන්ත දියුණු කිරීම. ඒ සඳහා හොඳම විභවතාවයක් තියෙනවා උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ. ඒ පළාත්වල යොදා ගත්තේ නැති කර්මාන්ත මුලාශ්‍ර විශාල ප්‍රමාණයක් අපි අඳුරගෙන තියෙනවා. ඉතින් ඒ ලුණු ලේවායේ කටයුතු අපි තවදුරටත් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.”

අලිමංකඩ ලුණු ලේවාය සම්බන්ධයෙන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>