ඉන්ධන මිල වැඩිවීම පිළිබඳව ජනතාවට පැහැදිලි කිරීමක් සිදුකළ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කරන ලද්දේ, මේ වන විට ජන ජීවිතයට විශාල බලපෑමක් සිදු වී නැති බවයි.
නමුත් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බැවින්, රජය භාණ්ඩාගාරයෙන් මිලියන 200000ක් දරමින් ජනතාවට දරාගත හැකි මට්ටමක මිල පවත්වාගෙන යන බව ඔහු පැවසීය.
ඉන්ධන වෙළඳපොළේ 57% ක් රජය විසින් සපයන අතර, ඉතිරි කොටස පෞද්ගලික අංශයෙන් සපයන බවත්, එම අංශය විසින් සිදු කරන මිල වැඩිවීම් පාලනය කිරීමට සෘජුවම නොහැකි බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.
එහෙත් රජය මැදිහත් වී ජනතාවට දරාගත හැකි මිලකට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.
ඉන්ධන සැපයුම අඛණ්ඩව ලබා දීමට රජය කටයුතු කරන අතර, ජනතාවගෙන් ඉල්ලීම වන්නේ බලශක්තිය කල්පනාකාරීව, පිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි.
“අපේ රටේ ආර්ථිකය ස්ථාවරයි, ශක්තිමත්යි. ගෝලීය අර්බුදය තේරුම් ගෙන නුවණින් කටයුතු කරන්න” යනුවෙන් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ජනතාවට අවධාරණය කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





