ඉන්ධන සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසයි.

ඒ අනුව මසකට වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන රට තුළ තිබෙන බව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සභාපතිවරයා සඳහන් කරන ලදී.

පෙට්‍රල් දින 37කට, ඔටෝ ඩීසල් සහ සාමාන්‍ය ඩීසල් දින 35කට ප්‍රමාණවත්ව පවතින බවත්, ගුවන්යානා ඉන්ධන දවස් 47කට ප්‍රමාණවත් බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

පැමිණ ඇත්තේ මැදපෙරදිග කලාපයෙන් නොවන බවත්, පසුගිය කාලය පුරාවට පිරිපහදු ඉන්ධන, පෙට්‍රල් සහ ඩීසල් මෙරටට ගෙන්වා ඇත්තේ ඉන්දියාවෙන්, සිංගප්පූරුවෙන්, කොරියාවෙන් සහ මැලේසියාවෙන් බවත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවත් ගැටලුවක් නොමැති බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.