ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ දිවංගත, රණසිංහ ප්‍රේමදාස මහතාගේ 100 වැනි ජන්ම දිනය වෙනුවෙන් කොළඹ අලුත්කඩේ පිහිටි එතුමාගේ පිළිරුවට හේමා ප්‍රේමදාස , ගයන්ත කරුණාතිලක සහ හර්ෂණ රාජකරුණා යන අය පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කළා.

පා. ම. තිස්ස අත්තනායක

”අද දවස තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සියවෙනි ජන්ම දිනය. මේ ජන්ම දිනය නිමිත්තෙන් ලංකාව පුරා ම විවිධ සිහිපත් කිරීම් ඒ වගේම ගුණානුස්මරණ පැවැත්වෙනවා. අපි ඇත්තටම ප්‍රේමදාස ජනාධිපතිතුමාට ගරු කරන්නේ වෙන කිසිම කාරණයක් නිසා නෙමෙයි. එතුමා අවංක දේශපාලඥයෙක්. එතුමා ඉටු කරලා තියෙන සේවාව පොත් දහයක්, පහළවක් ලියන්න වෙයි. ඒ තරම් ලොකු දේවල් සිදු කරලා තියෙනවා. අද දේශපාලනඥයෝ ගැන හිතුවහම, නායකයෝ ගැන හිතුවහම ප්‍රේමදාස ජනාධිපතිතුමා වගේ කැපවීමෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියා කරපු නායකයන් මට නම් දකින්න අමාරුයි.”

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>