නීතිඥ අමිල එගොඩමහවත්ත.
අපි අද දවසේ නීතිඥවරුන් සහ අරගලේ ක්‍රියාකාරකයින් විදිහට මහජන ආරක්ෂාව ගැන නියෝජ්‍ය ඇමතිවරයා හමුවෙලා සාකච්ඡා කරා. ප්‍රධාන අරමුණ තමයි අපි දැන් මාස ගණනාවක් තිස්සේ පොලීසිය, සී. යි. ඩී එක, නීතිපති දෙපාර්තමේන්තුව විවිධ රාජ්‍යායතන සම්බන්ධ කරගෙන මේ සාකච්ඡාව කරගෙන ආවා. එහි යම් විශේෂ අවස්ථාවක් විදිහට තමයි අද අපි මේ සාකච්ඡාවට සහභාගී වුණේ. අපේ ඉල්ලීම වුනේ මැයි 09 වෙනිදා ඒ වගේම ජූලි 09 වෙනිදා මේ රටේ මහජන පිබිදීමත් එක්ක ඇති වුණු නඩු ගණනාවක් තියෙනවා. ඒ නඩු නිසා මේ රටේ දහස් ගණන තරුණ තරුණියන්ට තමන්ගේ ජීවිතය එක තැන නැවතිලා තියෙනවා. විදේශ ගමන් තහනම් වගේම විවිධ වූ චරිත සහතික වගේ දේවල් ගන්න ගියාම ඒ අයට තියෙන විවිධ ගැටලු නිසා දුක් විඳින පිරිසක් ඉන්නවා. අපි දන්නවා මේ ජනතාව තමන්ගේ පෞද්ගලික උවමනා වෙනුවෙන් නෙමෙයි පාරට බැස්සේ. එහෙම බැහැපු ජනතාවට මේ රටේ පාලකයෝ සමහර වෙලාවට නීතියට පිටින් ගිහිල්ලා නඩු පැවරීම් කරා. එහෙමනම් ඒ අරගල කරපු ජනතාව වෙනුවෙන් ඒ අයට සාධාරණී යුක්තිය ඉෂ්ට විය යුතුයි කියන තැන අපි ඉන්නවා.
වැඩිදුර විස්තර බැලීමට>>>>>>>