අයවැය ලේඛනය නිසි ආකාරයෙන් කියවා අවබෝධ කර ගෙන නිවැරදි තීන්දුවක් ගන්නැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, විරෝධතාවලට සම්බන්ධ වී ඇත්තේ බහුතරයක් නොව ඉතා සුළුතරයක් බවය.
“මේක අවබෝධ කර ගන්න. බහුතරයක් නෙමෙයි මේකට එකතු වෙලා ඉන්නේ. සුළුතරයක්. දේශපාලන අතකොළු බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන කියවා ගන්න. අවබෝධය ගන්න. මොකක්ද අයවැය ලේඛනය, කොහොමද අවුරුදු 2ක් ආර්ථිකය කළමනාකරණය කළේ, ඒක කියවා ගෙන හරි තීන්දුවක් ගන්න කියන ඉල්ලීම මම කරනවා. මම හිතනවා ගොඩාක් රාජ්‍ය සේවකයන් මේ පිළිබඳ අවබෝධයක් ඇතිව ඉදිරියේදී කටයුතු කරයි කියලා. ඒ විශ්වාසය අපි තුළ තියෙනවා” යැයිද නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් පැවසීය.

