ජනතාවගේ සහ රාජ්‍ය සේවකයන්ගේ සහායක් නොමැතිව රටකට ඉදිරියට යා නොහැකි බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසයි.
උත්සව අවස්ථාවකට එක්වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය සේවකයන් රටේ ගමන ආපස්සට අදිමින් සිටින බවටද සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් සෙනරත් නියෝජ්‍ය අමාත්‍යවරයා, “මේ රටේ ජනතාවගේ සහයෝගය ලැබෙන තාක් මේ රට ගොඩනඟන්න පුළුවන්. හැබැයි ජනතාව සහයෝගය දෙන්නේ නැත්නම්, රාජ්‍ය සේවකයෝ සහයෝගය දෙන්නේ නැත්නම්, රාජ්‍ය සේවකයෝ මේ රටේ යන ගමන ආපස්සට ගෙනියන්න හදනවා නම්, ජනතාව ආපස්සට හරවන්න හදනවා නම්, රටක් හදන්න බැහැ” යනුවෙන් ප්‍රකාශ කළේය.
