මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (19) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඒ අනුව, අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ලදී.

එමෙන්ම, මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳවද ජනාධිපතිවරයා විසින් මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කර ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.