පා. ම. අජිත් පී. පෙරේරා.
පලාත් පාලන මැතිවරණ පළමු අදියර අවසන් වෙලා තියෙනවා. ඊළඟ වගකීම තියෙන්නේ පළත් පාලන කොමසාරිස්වරයට. 50% කට වැඩිය යම් පක්ෂයකට පළමු වටේම මන්ත්‍රීධූර හිමි වෙලා තිබෙනවා නම් එම පක්ෂයට අයිතියක් හැටියට සභාපති ධූරය, උපසභාපති ධූරය, නගරාධිපති ධූරය, කරන්න පුළුවන්. ඒක තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදී නීතිය. ඒ නිසා අපි විශ්වාස කරනවා ඊළඟ සතිය ඇතුලත පළත්පාලන කොමසාරිස්වරයා විසින් දෙන දින සහ වේලාවන් අනුව ඒ සභාවල සභිකයන් රැස්වෙලා තමන්ගේ සභාවට නායකත්වය සඳහා සභාපතිවරයෙක්, උපසභාපතිවරයෙක්, නගරාධිපතිවරයෙක්, උපනගරාධිපතිවරෙක් පත් කරයි කියලා. ඉතින් අපිට විශ්වාසයක් තියෙනවා කොළඹ මහනගර සභා ඇතුළු සභා රාශියක විපක්ෂය නියෝජනය කරන සභිකයෙක්ට පත්වෙන්න පුළුවන් නායකත්වය ලබා දෙන්න.
වැඩිදුර විස්තර සඳහා>>>>>>>