වර්තමාන රජය මැතිවරණ සිතියම අකුලනවා කියලා තමයි ජනතාව චෝදනා කරන්නේ. ඒකට හේතුව ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මැතිවරණ මේ වන විට කල් දාලා තියෙන්නේ. හැබැයි ජනාධිපතිවරණය කල් දාන්න බෑ. ඒ ගැන කතා කරන්න වෙබ් නිව්ස් සාකච්ඡාවට ජාත්‍යන්තර ජනමාධ්‍ය සංසදයේ සභාපති උපාලි ද සේරම් මහතා සහභාගී වෙනවා.

එතුමාගේ අදහස්…

“ඔව් ජනාධිපතිවරණය කල් දාන්න බැහැ. 2019 ජනාධිපතිවරණය තිබුණා. අවුරුදු පහකට පස්සේ නැවත ජනාධිපතිවරණය තියන්න ඕනේ. ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම මේ වසරේ සැප්තැම්බර්18ත්, ඔක්තෝබර් 18ත් අතර තියන්න ඕනේ. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කරලා තියෙනවා. හැබැයි පොඩි ගැටළුවක් තියෙනවා. ඔය ජනාධිපතිවරණය තියයිද කියන ගැටලුව තියෙනවා.

වත්මන් රජය සැලසුම් කරනවා ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවලා ජනාධිපතිවරණය පවත්වන්නේ නැතුව ඉන්න. මේගොල්ලන් සැලසුම් කරන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණක් නාමයෝජනා බාරදීලා වෙනත් අපේක්ෂකයෝ නාමයෝජනා භාරදෙන්නේ නැහැ. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කරගෙන යනවා ජනාධිපතිවරණයට ජනාධිපතිතුමා විතරක් නාමයෝජනා භාරදීලා වෙනත් අපේක්ෂකයෝ නාමයෝජනා භාර දෙන්නේ නැතුව තියන්න.”

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>