අනවසර ඉදිකිරීම් සඳහා මින් ඉදිරියට ඉඩක් ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව අනවසර ඉදිකිරීම් සඳහා විදුලිය ලබා දීම හා අනුමැතිය ලබා දීම වහාම නතර කළ යුතු බව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.
මේ අතර මෙහිදී නිලධාරීන් අම්බුලුවාව ප්‍රදේශයේ සිදුවී ඇති නීති විරෝධී ඉදිකිරීම් නිසා සිදුව ඇති පරිසර හානිය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.





