2027 අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්රය සඳහා රුපියල් බිලියන 749කට වැඩි මුදලක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඇය සඳහන් කළේ එය රජයේ සමස්ත වියදමෙන් සියයට 12කට වැඩි ප්‍රමාණයක් බවයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනය අනුව, පාසල් 4,570කට වැඩි සංඛ්‍යාවකට සුහුරු පුවරු සහ පාසල් 6,000කට වැඩි සංඛ්‍යාවකට අන්තර්ජාල පහසුකම් ලබා දී ඇති බව අගමැතිනිය ප්‍රකාශ කළාය. එම විවාදය පිළිබඳ Daily Mirror වාර්තාවේ දැක්වෙන්නේ පාසල්වලට සුහුරු පුවරු 4,570ක් බෙදා දී ඇති බවත්, ද්විතීයික පාසල් සඳහා අන්තර්ජාල සම්බන්ධතා 6,000ක් දෙසැම්බර් වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත්ය.
වසර 17ක් තිස්සේ වෙනස් කර නොතිබූ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල විෂයමාලා යාවත්කාලීන කරමින් පවතින බව ද අගමැතිනිය පැවසුවාය. මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ඇතුළු තවත් විද්‍යාපීඨ පහක සුහුරු පන්ති කාමර පිහිටුවා ඇති බව ඇය සඳහන් කළාය.




