ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය සාර්ථක තාන්ත්‍රික හමුවීම් රැසකට පසු නැවත දිවයිනට පැමිණෙයි.

ස්විට්සර්ලන්තයේ, ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දූත පිරිස සිව් දිනක සාර්ථක නිල සංචාරය නිමකොට අද (23) දින පෙරවරුවේ දිවයිනට පැමිණියහ.

ජනවාරි 19 සිට 22 වනදා දක්වා පැවැති මෙම සමුළුව අතරතුර, අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති, සිංගප්පූරු ජනාධිපති, යුරෝපීය කොමිසමේ සභාපතිනී, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) පරිපාලක ඇතුලත් ලොව ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීන් සහ ව්‍යාපාරික නායකයින් රැසක් හමු වීය.

එහිදී ඔවුන් සමඟ ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික මාවත ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූවාය.

එහිදී ඔවුන් සමඟ ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික මාවත ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූ අතර ‘World Women Davos Agenda 2026’ ගෝලීය වේදිකාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පැහැදිලි කරමින් ඇය විශේෂ දේශනයක් ද සිදුකළාය.

මෙම සංචාරය සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු දූත පිරිසක් එක්ව සිටියහ.