පොළොන්නරුව හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධන පිරවුම්හලේ පෙට්රල් තොගයක් ඩීසල් ගබඩා කර තිබූ ටැංකියට මාරු කර ගොඩබෑම හේතුවෙන් එහි ඉන්ධන අපතේ ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් 2026 නොවැම්බර් 28 වැනිදා පෙරවරුවේ එම ස්ථානයට පැමිණි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කළේය. ඒ අනුව ඩීසල් ටැංකියට මාරු කළ පෙට්රල් තොගය යළි බවුසරයට පටවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රැගෙන ගොස් පරීක්ෂා කිරීමට නිලධාරීන් තීරණය කර ඇත.
මේ අතර පෙට්රල් ලීටර් 1,000කට අධික ප්රමාණයක් ඩීසල් භූගත ටැංකියට ගොඩබා ඇති බවත්, එමඟින් විශාල පාඩුවක් සිදුව ඇති බවත් හිඟුරක්ගොඩ සමූපාකාර සමිතියේ හිටපු සභාපතිවරයා පෙන්වා දෙයි.
හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධන පිරවුම්හලේ පාලන කටයුතු ජාතික ජනබලවේගයේ නිලධාරි මණ්ඩලයක් මඟින් සිදු කෙරෙන බව සඳහන් වේ. ඔවුන්ගේ අකාර්යක්ෂමතාව සහ නිසි පරිදි ක්රියා නොකිරීම හේතුවෙන් විශාල පාඩුවක් සිදුව ඇතැයි හිටපු සභාපතිවරයා චෝදනා කරයි.
