හැටන් නගරයේ පිහිටි තෙමහල් වාණිජ ගොඩනැඟිල්ලක වෙළෙඳසැල් හතරකට ආසන්න සංඛ්‍යාවක් අද (22) අලුයම බිඳ සොරකම් කර තිබේ.
අදාළ ගොඩනැඟිල්ලේ වෙළෙඳසැල් ඉලක්ක කර ගනිමින් සිදු කළ දෙවැනි සොරකම මෙය බව වාර්තා වේ. සැකකරු ගොඩනැඟිල්ලේ ඉහළ මහලට සාරි ගැටගසා ඒවායේ ආධාරයෙන් පහළට පැමිණ මෙම සොරකම සිදු කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම, සොරකම සිදු කරන අවස්ථාවේ ගොඩනැඟිල්ලේ සවිකර තිබූ CCTV කැමරාවල දිශාව වෙනස් කිරීමටද සැකකරු කටයුතු කර තිබේ.
මීට පෙර අවස්ථාවකදීද මෙම ගොඩනැඟිල්ලේ දෙවැනි මහලේ පිහිටි රන් ආභරණ නිෂ්පාදනය කරන වෙළෙඳසැලක් බිඳ සොරකම් කර තිබුණි. එම සොරකම සිදු කළ පුද්ගලයාගේ මුහුණ CCTV කැමරාවල පැහැදිලිව සටහන්ව තිබුණද, ඔහු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ කර ගැනීමට පොලිසියට හැකි වී නොමැති බව වාර්තා වේ.


