සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හර්ශණ නානායක්කාරට එරෙහි හීතල යුද්ධයක් තිබිණ.
ඒ ඔහු විසින් කරන ලදැයි සැලකෙන වෙනත් ආසනවලට පැන ජන්ද ගොඩ වැඩිකර ගැනීමට ගත් වෑයමයි. මෙයට එරෙහිව ආසන සංවිධායකවරුන් විසින් පක්ෂ නායකත්වයට පැමිණිළි කර ඇතත් හර්ශණගේ උපායන් නිසා ඒවා සපලවී නැත. ඒ හැර පැණි පාට් දැමීමට ගොස් පක්ෂ කාර්යාලය ඇතුළේ ලොකු ප්‍රශ්ණයක් ඇතිකරගත් බවටද, ඒ සම්බන්ධව ජලනි මැඩම්ට වැඳ සමාවගෙන එය සමනය කරගත් බවට තොරතුරු ඇත.
මොහුගේ ක්‍රියාවන් නොඉවසු සංවිධායකවරු ඊට එරෙහිව පසුගිය දිනවල යම් කතිකාවතට ජාඇල පැත්තේ ගම්පහ සංවිධායකවරියකගේ ගෙදරක හමුවී ඇත. හැමදාමත් හර්ශණ සමග ගේම ඉල්ලන තරුණ මන්ත්‍රීවරයා සහ දිස්ත්‍රික්කයේ සෙසු මන්ත්‍රීවරු දෙදෙනා මෙහි පැමිණ ඇති අතර, විශේෂත්වය වී ඇත්තේ හර්ශණ සමග එකට ඉන්නා ජාඇල සජබ සංවිධායක සහ මිනුවන්ගොඩ සංවිධායකගේ පැමිණිමයි.
ඩී. එස්. සේනානායක,ඩඩ්ලි සේනානායක,බණ්ඩාරනායකලා ජේ. ආර් ජයවර්ධන,රනිල් වික්‍රමසිංහ වැනි පතාක යෝධයන් සිටි දිස්ත්‍රික්කයකට මෙවැනි ලපටි සිපයි වැඩ කරන කෙනෙකුට පාලනය කළ නොහැකි බවට ද, ප්‍රශ්ණය පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත්කකර විසදාගැනීමටද, එසේ නොහැකිවුවහොත් පාරට බැස ගන්නා ක්රියාමාර්ගයකින් හෝ හර්ශණ නායකත්වයෙන් නෙරපීමට ඔවුහු එහිදී තීරණයකට එළඹ ඇත.





