පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතානගේ ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, සමහර දේශපාලන නායකයන් රැකියාවක් නොදී සාමදාන විනිශ්‍යකාර තනතුරු ලබා දීමෙන් ජනතාව සතුටු කරන බවයි.
ඔහු වැඩිදුරටත් පැවසූයේ, 2025ට පෙර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රටේ සාමදාන විනිෂ්කාරවරු සිටින බවත්, ඔවුන් නිවැරදිව පත්වීම් කළාද නැද්ද යන්න සොයා බැලිය යුතු බවත්ය.
එයට පිළිතුරු ලෙස අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසූයේ, මෙම තනතුරු දේශපාලනිකව භාවිතා කර ඡන්ද සඳහා බෙදා දී ඇති බවත්, මේ වන විට නව නියාමන ක්‍රමවේදයක් යටතේ පාලනය කරන බවත්ය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජීවන දත්ත අවුරුද්දකට වරක් යාවත්කාලීන කරන නව ක්‍රමයක් සකස් කර ඇති අතර, පැමිණිලි කළ හැකි විද්‍යුත් ක්‍රමයක්ද සකස් කර ඇති බවයි.
එසේම ඉදිරියේදී සම්පූර්ණ ඩේටාබේස් එකක් හරහා නිවැරදිව පත්වීම් කළාද නැද්ද සොයා බැලිය හැකි බවත්, මේ මගින් දේශපාලනික බෙදාහැරීම් නවතා, සාමදාන විනිෂ්කාර තනතුරු සම්පූර්ණයෙන්ම නියාමනයට යටත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නැරඹිය හැකිය.





