පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවි කිරීමේදී අදාළ වෙළෙඳසැල් විසින් ෂොපිං බෑග් වැනි අතලු සහිත පොලිතීන් බෑග් සඳහා මිලක් අයකළ යුතු බවට වන ගැසට් නිවේදනය අද (01) සිට බලාත්මකව පවතිනවා.
ඒ අනුව, මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පවසා සිටියේ, මින් ඉදිරියට වෙළඳසැල්වලින් නොමිලේ පොලිතින් බෑග් නිකුත් නොකරන බවය.
භාණ්ඩයක් මිලදී ගැනීමට වෙළෙඳසැලකට යාමේදී ඒ සඳහා සුදුසු බෑගයක් තම නිවසින් රැගෙන යන ලෙසට සහ පරිසරය සුරැකීමට දායකවීම සඳහා පාරිභෝගිකයාට ද යුතුකමක් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.






