පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම පනත “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත” ලෙස නම් කර ඇති අතර, එයින් ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සම්පූර්ණයෙන්ම අහෝසි කෙරෙන බව සඳහන් වේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ...

